../img/background.png

සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා විසඳුම් නිර්මාණය කිරීම පිණිස ශ්‍රීලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන Hackathon තරඟය.

MedHack හි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග වලට විසඳුම් සෙවීම සඳහා වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තිකයින්, තාක්ෂණික විශේෂඥයින් හා ගැටළු නිරාකරණය කරන්නන් එක්තැන් කිරීමයි.

MedHack සඳහා ලියාපදිංචි වන්න

ඔබ වටිනා තාක්ෂණික දායකත්වයක් සපයන තාක්ෂණික දැනුමෙන් පිරිපුන් කෙනෙක්ද? ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන විශාලතම අභියෝගයන් විසඳීම සඳහා වෛද්‍ය වෘත්තිකයන් සමඟ අත්වැල් බැඳ ගන්න. ඔබට පහත සාරාංශගත ගැටළු ලැයිස්තුව හෝ ඔබට ඇවැසි යැයි සිතන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්යතාවයක් සඳහා විසඳුමක් ලබා දීමට අපි ඇරයුම් කරන්නෙමු. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවැත්වන hackathon තරඟයට සහභාගී වීමට අදම ලියාපදිංචි වන්න

ලියාපදිංචි කිරීම

සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටළු

වෘත්තීයවේදීන් මෙන්ම පොදු ජනතාවගේ දෘෂ්ටි කෝණයෙන් ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටළු ලැයිස්තුවෙන් සෙවීමට මෙම වෙබ් පිටුවට පිවිසෙන්න.
ගැටළු ලැයිස්තුව





තරඟයේ තේමාව

MedHack - තාක්ෂණය යොදා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සවිබල ගැන්වීම

කණ්ඩායමේ ප්‍රමාණය: කණ්ඩායමක් සඳහා සාමාජිකයින් 3-5 අතර විය යුතුය.

Prizes

ප්‍රථම ස්ථානය: LKR 200,000

දෙවන ස්ථානය: LKR 100,000

තෙවන ස්ථානය: LKR 50,000

වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තිකයින් සමග එක්වී, ජංගම දුරකථන හා මෘදුකාංග, අන්තර්ජාලය, IoT,Big Data, ඉලෙක්ට්‍රොනික, Virtual Reality යනාදී නව තාක්ෂණයන් යොදා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග වලට නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කිරීම සුදුසු වේ.



  • ගැටළු ඉදිරිපත් කිරීම ආරම්භ වන්නේ

    2017 ජුලි මස 14

    සෞඛ්‍ය ක්‍ෂේත්‍රය විසින් මුහුණ දී ඇති ඔබ විසින් හඳුනා ගන්නා ලද ගැටළු ඉදිරිපත් කරන්න.
    ඉදිරිපත් කිරීම සඳහා අවසන් දිනය: 2017 අගෝස්තු 16

  • අභියෝග ප්‍රකාශයට පත් කිරීම

    2017 අගෝස්තු 24

    ඉදිරිපත් කරන ලද ගැටළු වලින් තෝරාගත් අභියෝග රැසක් ප්‍රකාශයට පත් කරනු ලැබේ. HACKATHON තරඟයේදී කණ්ඩායම් විසින් විසඳුම් සොයන අභියෝගයන් මේවා වේ.

  • HACKATHON තරඟය සඳහා ලියාපදිංචි කිරීම ආරම්භ වන්නේ

    2017 අගෝස්තු 21

    සෞඛ්‍ය ක්‍ෂේත්‍රය මුහුණ පාන අභියෝග වලට නිර්මාණාත්මක විසඳුම් සෙවීම සඳහා පවත්වණු ලබන හැකතෝනය සඳහා ඔබත් ලියාපදිංචි වන්න. 2017 සැප්තැම්බර 14 වන දා තෙක් ලියාපදිංචි කිරීම් භාරගනු ලැබේ

  • තෝරාගත් කණ්ඩායම් ප්‍රකාශයට පත් කිරීම

    2017 සැප්තැම්බර 18

    ඉදිරිපත් කිරීම අනුව කණ්ඩායම් තෝරාගනු ලැබේ. HACKATHON තරඟය සඳහා තෝරාගනු ලැබූ කණ්ඩායම් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

  • HACKATHON තරඟය පැවැත්වෙන දින

    2017 සැප්තැම්බර 23 සහ 24

    2017 සැප්තැම්බර 23 වන දින පෙ. ව. 8.00 සිට 24 වන දින මධ්‍යාහ්න 12.00 දක්වා MEDHACK හි ප්‍රදර්ශකය (prototype) නිර්මාණය කළ හැක. කොළඹ 10, Trace Expert City හි පිහිටි Mobitel Innovation Center හිදී Hackthon තරගය පවත්වනු ලැබේ.

  • අවසන් ඇගයීම සහ ජයග්‍රාහකයා ප්‍රකාශ කිරීම

    2017 සැප්තැම්බර 24

    වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, තාක්ෂණික විශේෂඥයින් ඇතුළු විද්වතුන් ගෙන් සමන්විත විනිශ්චය මඩුල්ලකට කණ්ඩායම් විසින් තමන්ගේ නිර්මාණයන් ඉදිරිපත් කර ආදර්ශනය කළ යුතු වේ. ඇගයීම් ප. ව. 1.00 සිට කොළඹ 10, Trace Expert City හි පිහිටි Mobitel Innovation Center හිදී පැවැත්වේ. ඇගයීම් වලින් අනතුරුව ජයග්‍රාහක කණ්ඩායම් ප්‍රකාශයට පත්කරනු ලැබේ



ලියාපදිංචි කිරීම

නිතර අසන ප්‍රශ්න

English தமிழ்